දේශීය නව ආරම්භක තාක්ෂණික නවොත්පාදන හතක් ආයෝජකයින් වෙත හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – දේශීය නව ආරම්භක තාක්ෂණික නවොත්පාදනහතක් ආයෝජකයින් වෙත හදුන්වාදීම පසුගියදා සිදුවිය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මේ වසරේ සංවිධානය කල පළමු ‘ Spiralation Demo Day’ හමුවේදී මෙම හදුන්වාදීම සිදුකෙරිණ.

මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය නව ව්‍යවසායකයන්ගේ නවෝත්පාදනයන් ගෝලීය තලයකට ගෙන ඒම දිරිගැන්වීමයි. ඒ සදහා විවිධ සමාගම් වලට නවොත්පදකයන් හදුන්වාදීම සිදුකරයි.

2024 වන විට දැනුම් සේවා සහ තාක්‍ෂණ අංශ හරහා ඩොලර් බිලියන 3 ක විදේශ විනිමය ආදායමක් උත්පාදනය කිරීම අරමුණු කරගත් ජාතික වැඩ පිලිවලට සමගාමිව මෙය සිදුකෙරේ.

කෘෂිකාර්මික ව්‍යාපාර අංශයේ බෝග ඵලදායිතාව වර්ධනය කරගැනීමට ජංගම දුරකථන ඇප් (Mobile App, කෘතීම බුද්ධිය (AI) විද්‍යුත් වානිජ්‍ය E-Commerce, සහ ත්‍රිමාන මෙහෙයුම් -3D Solutions (Bluechip Technologies Asia) වැනි ක්ෂේත්‍රවල ඩ්‍රෝන් පාදක කෘෂිකාර්මික සේවා මෙම සංසදයේ දී නවෝත්පාදනයන් ඉදිරිපත්කර තිබුණි.එමෙන්ම වඩා හොඳ පාරිභෝගික සේවාවන් සදහා Augmented Reality, Virtual Reality, සහ Mixed Re-ality වැනි තාක්ෂණයන් පිළබද උනන්දු තරුණ ගවේෂකයන්ට ඉගෙනීමට සහ අත්දැකීම් ලබාගැනීමට හැකිවිය.

මෙහිදී අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ICTAහි සභාපති ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කළේ, “නව්‍ය ව්‍යවසාය පරිසර පද්ධතිය විශාල වර්ධනයක් ලබා එහි ප්‍රතිලාබ ලබන මෙම මොහොත සුවිශේෂවන බවයි. ඔවුන්ගේ අතිවිශාල දක්ෂතා සහ අදහස් දැකීම අප දිරිගන්වන සුළුයි . ‘Spiralation’ යනු නවෝත්පාදනයන් සහ නව අදහස් ඉදිරියට ගෙන යාමට දිරිමත් කරන එක් වැදගත් වේදිකාවකි. මෙම නවොත්පාදකයන්ට තවදුරටත් උපකාර කිරීමට සහ පහසුකම් සැලසීමට අපි සුදානම් බව මෙහිදී සදහන් කල යුතුයි.

2020 සිට ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට අනුව , ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමසදහා දැනුවත් කිරීම්, , පුර්ව ලියාපදිංචි තක්සේරු කිරීම, වෙළඳපල අවශතා උදාකරදීම , නව ව්‍යාපාර සදහා අරමුදල් සැපයීම, උපදේශනය සහ උපදේශනය මගින් ආරම්භක පරිසර පද්ධති සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහාය ලබා දී ඇත. එමෙන්ම , නව්‍ය ව්‍යවසායකයන් ට ණය ලබාගැනීමේදී පවතී බාධා ඉවත් කිරීම, , startupSL වෙබ් අඩවිය මගින් රජයේ මෘදුකාංග අවශ්‍යතාවන් සැපයීමේ අවස්ථා නව ව්‍යවසායකයන්ට ලබාදීම ශ්‍රී ලංකාව තුළ නැගී එන නව තාක්‍ෂණ ආශ්‍රිත ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා හඳුන්වා දී ඇති පහසුකම් අතරින් කීපයකි. මෙම ‘Spralation Demo Day’ මගින් ආයතනික සමාගම් නියෝජිතයන් හා නවොත්පාදකයන්ට ඔවුනොවුන්ගේ ව්‍යාපාරික ගැටළු විසදා ගැනීමටද අවස්තාව උදාවිය.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ආරම්භක පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරරත්න මහතා ප්‍රකාශ කළේ, “අද අපි දකින Startups අපට අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ලබා දෙනවා. මෙම ව්‍යාපාර පිටුපස සිටින නවොත්පාදකයින් හෙට දවසේ ව්‍යාපාරික නායකයින් වනු ඇත. ඔවුන්ගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට පහසුකම් සැලසීමට හැකිවීම පිළිබද ICTA ආයතනය ආඩම්බර වෙනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට අවස්ථාව ලැබෙන අතර 2030 වන විට තාක්‍ෂණය මත පදනම් වූ සංවර්ධිත ජාතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂා සපුරාගැනීමට ද හැකිවනු ඇත.

‘Spralation’ – තාක්ෂණ සහාය Tech Startup Support සහ සාමාජික ප්‍රදාන මුලපිරීම 2022 වසර සඳහා අයදුම්පත් භාර ගනිමින් සිටී. එමගින් වසර තුනකට අඩු තාක්‍ෂණික ව්‍යවසායකයින් සදහා රුපියල් ලක්ෂ 15 වක ප්‍රදානයක් සහ වැඩමුළු පුහුණු අවස්ථා ලබාදෙයි. මෙය තම ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට සහ ගෝලීය පරිමාණයට පවා ව්‍යාප්ත කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අයදුම්පත් භාරදීමේ අවසන් දිනය 2022 අප්‍රේල් 27 (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 11.59) අවසන් වේ.

වැඩි විස්තර සඳහා, පිවිසෙන්න: https://bit.ly/ictaspiralation22 හෝ https://bit.ly/Spiralation_2022.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *