ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

ඒ මහතා ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

මේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ධූරයෙන් ඉවත්වීමට ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව පියංකර ජයරත්න මහතා තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *