(කොළඹ, ලංකාපුවත්) – රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට 2022 වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම රට පුරා පාසල්වලදී හෙට (19) සිදු කෙරේ.
සියලු විදුහල්පතිවරුන් වෙත මීට අදාළ දැනුම්වත් කිරීම් කර ඇති බව ඒ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ. එගොඩවෙල මහත්මිය පැවසුවා ය.
මේ දක්වා අභියාචනා සම්බන්ධ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති පාසල් කිහිපයක පමණක් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවත්, දින කිහිපයක් ඇතුළත එම කටයුතු අවසන් කර සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පාසල් පියවර ගනු ඇති බවත් අතිරේක ලේකම්වරිය සඳහන් කළාය.