පාසල් වාරයේ දීර්ඝතම නිවාඩුව අදින් ඇරඹේ

(කොළඹ | ලංකාපුවත්) – රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා ආරම්භ වන බවද එම අමාත්‍යංශය පැවසීය.

ඒ අනුව සිසුන්ට දින 40ක් තරම් දිගු පාසල් නිවාඩුවක් හිමිවේ.

මෙම දීර්ඝ පාසල් නිවාඩුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් හිමිවනු ඇත.

උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 4 වැනිදා සිට 31 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298කදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *