ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර ක්‍රිස් සිල්වර්වුඩ්ට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය 09වනදා මේ බව, නිල වශයෙන් නිවේදනය කළේය.

ක්‍රිස් සිල්වර්වුඩ් මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර ඇත්තේ, වසර 02ක කාලයක් සඳහාය. ඒ අනුව, ඔහු එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

ක්‍රිස් සිල්වර්වුඩ් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *