(කොළඹ | ලංකාපුවත්) – ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
නැවත දැනුම්දෙනතුරු එය ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට / අංශයට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබාගත හැකි බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන්වේ.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.