බ්‍රසීලයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් 25ක් මරුට

(කොළඹ | ලංකාපුවත්) – බ‍්‍රසීලයේ ඊසානදිග බහියා ප‍්‍රාන්තයේ වෙරළබඩ සංචාරයක නිරත වූ සංචාරකයින් රැගත් කුඩා බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බහියා හි නෝවා ෆාතිමා සහ ගාවියාඕ නගර අතර මාර්ගයක රාත්‍රී කාලයේ දී මෙම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූවන් අවට රෝහල් වෙත රැගෙන ගොස් ඇති බව ද සඳහන්වේ.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් මිනි බස් රථයේ සිටි අයවන අතර, අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව බාහියා සිවිල් පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *