(කොළඹ | ලංකාපුවත්) – දරුවන් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශය පවසයි.
රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ පසුගිය දින කිහිපය තුළ උණ රෝගී තත්ත්වයෙන් රෝහලට පැමිණි ළමයින්ගෙන් බහුතරයකට ඩෙංගු වෛරසය තිබූ බවයි.
මේ නිසා දරුවන්ට නොකඩවා උණ තත්ත්වයක් තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.