(කොළඹ | ලංකාපුවත්) – ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram, Threads සහ Messenger ජාලා බිඳවැටී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබේ.
එයට යළිත් තමන්ගේ මුරපදය (Password ) යොදා ඇතුළු වීමටද බොහෝ දෙනෙකුට මේ වන විටත් හැකියාවක් නැහැ.
කෙසේ වෙතත් මෙලෙස Facebook සමාජ ජාලය බිදවැටීම පිළිබදව මෙටා සමාගම තවමත් නිවේදනයක් නිකුත් කර නොමැති අතර මේ හේතුවෙන් බොහෝමයක් ෆේස්බුක් පරිශීලකයන් අපහසුතාවයට පත්ව තිබෙනවා.
එම තත්ත්වය ලොව රටවල් රැසකින් වාර්තා වී ඇත.
එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.