(කොළඹ | ලංකාපුවත්) – පුද්ගලයන් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් 04දෙනාට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන්ගේ ඇස් බැඳ මොස්කව් අධිකරණය වෙත පාගමනින් රැගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩෙලෙර්ඩ්සොන් මිර්සොයෙව්, සයිදක්රාමි මුරොදාලි රාචබලිසෝඩා, ශම්සිඩීන් ෆාරිදුනී හා මුහම්මද්සොබිර් ෆයිසොව් මෙම අපරාධකරුවන්ගේ නම් ලෙස ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඔවුන් සියල්ලන්ම තුවාල ලබා ඇති බව පෙනෙන්නට තිබුණි.
ජාතිකත්වය හෙළි නොකළ රචබලිසෝඩා ද වරද පිළිගෙන බව එහි සඳහන් වනවා. ඔවුන් සිව්දෙනා අවම වශයෙන් මැයි 22 දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කළ යුතු බව අධිකරණය නියෝග කර තිබේ.