(කොළඹ | ලංකාපුවත්) – 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (10) සිදු කෙරුණි.
මේ සඳහා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරන සියලු ක්‍රීඩකයින් එක්ව සිටියේය.
ඒ සඳහා මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ මූස් ආයතනයයි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ඇතුළු මෙරට උරුමයන් රැසක් ඉස්මතු වන අයුරින් මෙම ජර්සිය නිර්මාණය කර තිබේ.
මෙරට ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු නවයේ පාලම හෙවත් ‘Nine Arches Bridge’, හබරන ‘අලි එකතුව’, සඳකඩ පහණ, ජාතික කොඩියට අන්තර්ගත සිංහරුව ආදී සංකේත රැසක් ඊට අන්තර්ගත කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග කරනු ලබයි. ඔවුන් සහභාගී වන පළමු තරගය ලබන මස 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතය.