හිටපු ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක

(කොළඹ | ලංකාපුවත්) –හිටපු ශ්‍රී ලංකා රූ රැජිනකවන ඔර්නෙලා මේරියම් ජයසිරි ගුණසේකර ජනප්‍රිය Netflix කතා මාලාවක් වූ ‘බ්‍රිජටන් සීසන් 3′(Bridgerton)චරිතයක් නිරූපණය කරනු ලබයි.

ඔර්නෙලා මේරියම් ජයසිරි ගුණසේකර 2018 මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා වු අතර 2018 වසරේ පැවති මිස් යුනිවර්ස් තරගයේ ” Miss Congeniality” ලෙස තේරී පත් වු ප්‍රථම හා එකම ශ්‍රී ලාංකීය තරගකාරීය වන අතර වෘත්තිය නිරූපණ ශිල්පීනියකි.

ඔර්නෙලා පැවසුවේ මෙලෙස මෙම කතා මාලාවට එක් වීමට කුඩා අවස්ථාවක් හෝ ලැබීම ඇදහිය නොහැකි අවස්ථාවක් බවයි.

ඇය Instagram හි සටහනක් තබමින් මෙම නිර්මාණය වෙනුවෙන් දායක වූ සැමට හා තමන්ව හැඩ ගැන්වීමට කටයුතු කළ පිරිසට ස්තූතිය පළ කර තිබුණි. එසේම ශ්‍රී ලාංකිකයින්ට ස්තූතිවන්ත වී ඇත.

“මගේ රටේ සහයෝගය තමයි මාව තව තවත් ඉදිරියට ගෙන ගියේ. මට මීට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, නමුත් මම ජයග්‍රහණය කළේ මගේ ගමන පුරාම මට අනෙක් අයගේ සහයෝගය ලැබුණු නිසා. ” ඇය වැඩිදුරටත් පැවසුවාය.

Bridgerton යනු Netflix සඳහා Chris Van Dusen විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු ඓතිහාසික ආදර රූපවාහිනී කතා මාලාවකි. ජූලියා ක්වින්ගේ පොත් මාලාව මත පදනම්ව, එය Netflix සඳහා Shondaland හි පළමු තිර රචනයයි. මෙම කතා මාලාව 1800 ගණන්වල මුල් භාගයේදී විකල්ප ලන්ඩන් රීජන්සි යුගයක, III ජෝර්ජ් වාර්ගික සමානාත්මතාවය ස්ථාපිත කළ අතර ඔහුගේ බිරිඳ චාලට් රැජිනගේ අප්‍රිකානු උරුමය හේතුවෙන් අප්‍රිකානු සම්භවයක් ඇති බොහෝ අය වංශවත් අය බවට පත් කිරීම ද මෙම නිර්මාණයේ දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *