ඇෆ්ගනිස්තානය T20 අවසන් පූර්ව වටයට

(කොළඹ | ලංකාපුවත්) – T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පැවැති තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස්කළේය.

මෙම තරඟයට වර්ෂාවෙන් සිදු වූ බාධාව අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්වාර 19යක දී බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 114ක ඉලක්කයක් හිමිවිය.

ලකුණු 114ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 19 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *