(කොළඹ | ලංකාපුවත්) – අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා ශ්රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අවසර ලබාදී තිබේ.
සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි අතර සංචාරකයින් සතුව නවාතැන් සඳහා මුදල් සහ ආපසු පැමිණීමට අදාළ තොරතුරු තිබිය යුතු වේ.