වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරන ලදී.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර 2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *