ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

(කොළඹ | ලංකාපුවත්) – අපවත් වී වදාළ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත අද (04) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දායක සභාවන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සමඟ කෙටි සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ කටයුතු ද සොයා බැලීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *