අරුණගේ ප්‍රතිඵලය අහෝසි කරයි

(කොළඹ | ලංකාපුවත්) – පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

ඒ ඔහු මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙනි.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරග වැදුණේ සිව්වැනි මංතීරුවේය.

අරුණ ඊයේ(06) රාත්‍රී 11.05ට පමණ ක්‍රීඩාංගණයට පිවිස එම ඉසව්වට සහභාගිවී එය තත්පර 44 යි දශම 7යි 5කින් නිමකරමින් පස්වැනි ස්ථානය දිනා ගත්තේය.

එම කාලය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්වුණු අතර ඔහුගේ දක්ෂතාව දෙවැනි වුණේ සුගත් තිලකරත්නට පමණි.

නමුත් එම තරගයේදී අරුණ, ධාවන මංතීරු නිති උල්ලංගණය කර තිබීම හේතුවෙන් එම දක්ෂතාව අවලංගු කිරීමට තරග සංවිධායකයන් කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *