ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අගෝස්තු 16වැනිදා සිට යළිත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම යාත්‍රා සේවයේ මෙහෙයුම්කරු වන IndSri Ferry Service පුද්ගලික සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ මෙම මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම ඔන්ලයින් මාර්ගයෙන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ හැකි බවයි.

ඒ අනුව http://sailindsri.com/ වෙත පිවිස මගීන්ට මගී යාත්‍රා සේවයෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකිය.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මැයි මාසයේදී මෙය දියත් කිරීමට සැලසුම් කර තිබුණ ද එය අවලංගු විය.

තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට යාපනය අසල කන්කසන්තුරේ වරායට සම්බන්ධ කරන සෘජු මගී යාත්‍රා සේවය මුහුදු තත්ත්‍වයට අනුව ආසන්න වශයෙන් පැය තුනහමාරකින් කිලෝමීටර 111 (නාවික සැතපුම් 60) ක දුරක් ආවරණය කරයි.

මැයි මාසයේදී, නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා එක් පැත්තක ගමනක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව USD 50 සහ බදු අයත්(ආසන්න වශයෙන් රුපියල් 4,920) වන බව නිවේදනය කරන ලදී.

වැඩිදුර තොරතුරු මූලාශ්‍ර – DTNEXT BUREAU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *