ICCයෙන් චමරිට සම්මානයක්

(කොළඹ | ලංකාපුවත්) – 2024 වසරේ ජූලි මාසය සඳහා වූ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.

පසුගියදා නිමාවට පත්වූ කාන්තා ආසියානු විස්සයි-20 තරඟාවලි ජයග්‍රහණය සහ එම තරඟාවලිය තුළදී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චමරිව නම් කර ඇත.

චමරිට අමතරව ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන Smriti Mandhana සහ Shafali Verma ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණි.

නිමාවූ ආසියානු කුසලාන තරඟාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණු චමරි අතපත්තු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙයවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *