පරණ ලයිසන් එක වෙනුවට අලුත් ලයිසන් එකක්

(කොළඹ | ලංකාපුවත්) –  කල් නිකුත්වන දිනයක් නොමැති බර වාහන සඳහා රියදුරු බලපත්‍ර අත්හිටුවා නව බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

කිරීම ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නව බලපත්‍ර ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා, නව බලපත්‍රය ලබාගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය ප්‍රමාණවත් වන අතර මෙය ලබන වසරේ සිට ආරම්භ කරන බව පෙන්වාදෙයි.

දැනට කල් ඉකුත් වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද සදහන්වේ.

කල් නිකුත්වන දින නොමැති බලපත්‍ර හිමි රියදුරන්ට නව බලපත්‍රය ලබා ගැනීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *