ලින්කන් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාව කොහුවලදී විවෘත වෙයි

(කොළඹ | ලංකාපුවත්) – ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවන එබ්‍රහම් ලින්කන් මහතාගේ නමින් රටවල් ගණනාවක විශ්වවිද්‍යාල බිහිවී ඇත. එංගලන්තයේ, මලයාසියාවේ සහ නවසීලන්තයේ තිබෙන ලින්කන් විශ්වවිද්‍යාල මීට උදාහරණ ලෙස දැක්විය හැක.

ඇමරිකාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේ ලංකාවේ එකම ශාඛාව Lincoln උපාධි අධ්‍යයන ආයතනය කොහුවල, දුටුගැමුණු විදියේ, අංක 113 දරන ස්ථානයේ දී අද (21) නිල වශයෙන් විවෘත කෙරිණි.

පාසල් අධ්‍යාපනය අවසන්කර ඇති සිසුන්, ගුරුවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඉලක්ක කරගනිමින් ඔවුන් දැනටමත් නියැලී සිටින රැකියාවලට බාදාවක් නොවන පරිදි හැදෑරිය හැකි පාඨමාලා රැසකින් සමන්විතවීම මෙහි ඇති සුවිශේෂිත්වයකි.

දැනටමත් රැකියාවල නිරත පුද්ගලයන්හට තම වෘත්තිය සුදුසුකම් මෙන්ම දැනුම වැඩිකරගැනීමටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලෙස විදෙස් රැකියා සඳහා අයදුම් කිරීමේදීත් මෙය මහඟු පිවහලක් වනුඇත.

QS නම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව කොළඹ විශ්වවිද්‍යාල හා පේරාදෙණිය විශ්වවිද්‍යාල සමඟ කරට කර සිටින විශ්වවිද්‍යාලයක් ලෙස ලින්කන් විශ්ව විද්‍යාලය හැදින්විය හැක.

ශ්‍රී ලාංකිකයන් සඳහා පහසු මිල ගණන් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම දත්ත විශ්ලේෂණය ක්ෂේත්‍රයේ පාඨමාලා හැදෑරීමට අවස්ථා මෙමඟින් සලසා ඇත.

මේවනවිටත් ශිෂ්‍යයන් තුන් දහසක් පමණ Lincoln උපාධි අධ්‍යයන ආයතනය සමඟ සම්බන්ධවී අධ්‍යාපනය හදාරයි.

මෙම අවස්ථාවට Lincoln උපාධි අධ්‍යයන ආයතනයේ උප කුලපතිනිය වන ජනිතා ලියනගේ මහත්මිය සහ අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් ද ලීමා මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *