‘Retro Night‘ සංගීත රාත්‍රිය මේ සිකුරාදා

(කොළඹ, ලංකාපුවත්) – තාරුණ්‍ය මුල්කර ගත් හිපොප් සහ නව ආරක සංගීත තරු රැසගේ සහභාගීත්වයෙන් ‘Retro Night‘ සංගීත රාත්‍රිය මේ සතිඅන්ත සිකුරාදා(08) කොළඹ සිනමන් ලේක්සයිඩ් හි ColomBar පරිශ්‍රයේ දී පැවැත්වේ.

Costa, Centigradz, Rukshan Mark, Daham ආදී වසර 10ක් පමණ පැරණි සංගීත කණ්ඩායම් නියෝජනය කරන ශිල්පීන් මෙන්ම හිපොප් සහ විවිධ පරාසයන් ඇතුළත් නව ආරක සංගීත ශිල්පීන් රැසකගේ ගීත සමඟින් විනෝදාස්වාදය පිරුණු අද්විතීය සංගීත රාත්‍රියක් ලෙස ‘Retro Night‘ වර්ණවත්වනු ඇත. මිදෝරි කරුණාරත්න, The Kingdom Band සහ DJ Wasu සංගීත කණ්ඩායම් මේ සඳහා සංගීතයෙන් දායක වේ.

අති නවීන තාක්‍ෂණික ශ්‍රව්‍ය අත්දැකීමක් සහිත විනෝදාස්වාදය පිරි අමතක නොවන සංගීතමය ප්‍රාසාංගික පෙළගැස්මක් සහිතව අප්‍රේල් 08 සවස 7.30 සිට මේ අත්දැකීම ලබා ගත හැකිය.

විස්තර;
දිනය – 2022 අප්‍රේල් 08
වේලාව – සවස 7.30 සිට
ස්ථානය – ColomBar, Cinnamon Lakeside, Colombo
ප්‍රවේශපත්‍රයක මිල – රුපියල් 2,500

Leave a Reply

Your email address will not be published. Required fields are marked *