IMF සාකච්ඡාවකට සජබ-ජාජබ නායකයන්ට රනිල්ගෙන් ආරාධනාවක්

(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ගිවිසුම් වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන්ද එක්කාසු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවකට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එජාප විශේෂ සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙමඟින් එම පක්ෂ වල නායකයන්ට රටේ ආර්ථිකය ඉදිරියේදී පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලට කරුණු කීමට අවස්ථාවක් ලැබෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

අදාළ සාකච්ඡාව වීඩියෝ කර ප්‍රසිද්ධ කළහොත් මුළු රටම එදිනට ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙනු ඇති බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *