ගීතාගෙන් ගැලවුණ රාජ්‍ය ඇමතිකම සීතාට

(කොළඹ | ලංකාපුවත්) – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබේ.

මීට පෙර එම ධුරයේ කටයුතු කළේ ගීතා කුමාරසිංහ මහත්මියයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල යටතේ ගීතා කුමාරසිංහ මහත්මියව මෙලෙස ඉවත් කර තිබුණි.

දැනට සීතා අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *