වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්

(කොළඹ | ලංකාපුවත්) – ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ආර්ථික සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා ගන්නා ප්‍රයත්නයේ කොටසක් සහ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එම තීරණය ගන්නා බවයි.

කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

අනතුරුව ඇතිවූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එම තහනම/සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට මෙරට බලධාරීන් තීරණය කළේය.

මේ අතර පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ 2025 වනවිට ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්කර ඇති බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *