අවසන් සටනට රනිල් – සජිත් – අනුර – නාමල් අද කොළඹට

(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැළිය අද (18) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී සවස 2.00ට පැවැත්වීමට නියමිතය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත පාර ටවර්හෝල් රඟහල ඉදිරිපිට පැවැත්වෙන සමගි ජන බලවේගය ප්‍රචාරක රැලිය දහවල් 2.00ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ජාතික ජනබලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රචාරක රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගශාලා භූමියේදී පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය අද (18) සවස 2.00ට පැවැත්වෙන්නේ පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදීය.

මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම හේතුවෙන් කොළඹ නගරය, නුගේගොඩ හා පිලියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ එම ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *