(කොළඹ | ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඊයේ (23) දිනයේදී දක්නට ලැබුණු බව වාර්තා වේ.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබූ බව සඳහන්වේ.
ඒ අනුව දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි.
එමෙන්ම දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් ලෙසය.