ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි

(කොළඹ | ලංකාපුවත්) – ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගෙන, බේරුට් සහ ටෙල් අවිව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින අතර විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මෙතෙක් බලපෑමක් සිදුව නොමැති බවත් අමාත්‍යංශය නිවේදයක් නිකුත් කරමින් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *