අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

(කොළඹ | ලංකාපුවත්) –  රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා විසින් අද (14) එම නියෝගය නිකුත් කළේය.

අදාළ බදු මුදල් ගෙවන ලෙසට 2023/11/14 අධිකරණය නියෝග කර තිබියදී එම බදු මුදල් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් මෙම දඬුවම නියම කර තිබේ.

අදාළ නඩුව කැඳවීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර වගඋත්තරකරුවන් අද දිනයේදී අදාල බදු මුදල් නොගවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

වගඋත්තරකරුවන් මීට පෙර නඩු දිනයේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.

2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ මහත්මිය පෙනී සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *