ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොයුරා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සාලන් කවාජා ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අද (04) අත්අඩංගුවට ගෙන ඇත.

මොහුට එරෙහිව එල්ල ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් නිශාම්ඩීන් ත්‍රස්ත චෝදනා උගුලකට හසු කිරීමට තැත් කිරීමය.

මෙම චෝදනාව මත නිශාම්ඩීන් එරට පොලිස් අත්අඩංගුවට පත්විය.

පසුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සටහනක් පොතක සටහන් කර තිබූ බවට සිඩ්නි හි ශ්‍රී ලාංකික සිසුවෙකු වූ මොහොමඩ් නිශාම්ඩීන්ව පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහුව චෝදනා වලින් නිදහස් කර මුදා හරිනු ලැබීය.

ඉන්පසුව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශන වලට අදාළව 39 හැවිරිදි අර්සාලන් කවාජා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *