(කොළඹ | ලංකාපුවත්) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
අද(14) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බව සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වූ බැවින් එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා ඔහු පැවසීය.
ඒ අනුව උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව සඳහන් කළේය.
දරුවන්ගේ මානසික තත්ත්වය සහ දරුවන් තත්ත්වන පීඩාව ගැන සලකා බලා මේ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.