(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කිය සිටියේ, රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම වියදම් වාර්තා ප්‍රදර්ශනය කරන බවයි.
ඒ අනුව ඕනෑම අයෙකුට එම වාර්තා වල ගැටලුවක් පවතින්නේ නම්, අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව මැතිවරණ කොමිසන් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.