ඉන්දීයාව වතුකරයේ පාසල් නවීකරණය සඳහා දෙන ප්‍රදාන දෙගුණ කරයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ අධ්‍යාපන සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය විසින් පසුගියදා(18) ශ්‍රී ලංකාවේ වතුකරයේ පාසල් 9ක් නවීකරණය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදෙන ප්‍රදාන දෙගුණ කිරීම සම්බන්ධයෙන් නිල රාජ්‍ය තාන්ත්‍රික ලේඛන අත්සන් තබා හුවමාරු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලබා දෙන අමතර අරමුදල් සමඟ ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයේ සමස්ත කැපවීම ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් වේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ ශ්‍රී ලංකා රජය විසින් හඳුාගන්නා ලද වතුකරයේ පාසල් 9ක යටිතල පහසුකම් ඉහළ නැංවීමයි. මධ්‍යම පළාතේ පාසල් 6ක් සහ ඌව, සබරගමුව සහ දකුණු පළාතේ පාසල් එක බැගින් පාසල් තුනක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපනය යන වැදගත් ක්ෂේත්‍රය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද සහ දැනට ක්‍රියත්මක කරන සංවර්ධනසහයෝගීතා මුලපිරීම් රැස අතරින් එකකි. යටිතල පහසුකම් සංවර්ධනය සහ උපකරණ සැපයීමට අමතරව පුහුණුව ලබා දීම සහ ධාරිතා සංවර්ධනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘතීන් සඳහා විශේෂ අවධානයක් යොමු වන ක්ෂේත්‍රයක් වේ. උතුරු පළාතේ පාසල් 100කට අධික සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කිරීම;දකුණු සහ නැගෙනහිර පළාතේ ඉ-පුස්තකාල 40ක් ස්ථාපනය කිරීම;දිවයින පුරා අධ්‍යාපන ආයතනවලට බස් රථ 110ක් සැපයීම;දිවයිනේ සෑම පළාතකම ඉංග්‍රීසි භාෂා රසායනාගාර පිහිටුවීම;රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ඇතුළුදිවයින පුරා විවිධ ආයතනයන්හි ශ්‍රවණාගාර ඉදිකිරීම සහ නවීකරණය කිරීම;උතුරු මැද පළාතේ බහු ජාතික ත්‍රෛ භාෂා පාසලක් ඉදිකිරීම;මධ්‍යම පළාතේ හැටන්හි තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ නැගෙනහිර පළාතේ වන්තරමුල්ලෙයි සහ ඔන්තච්චිමඩම් මධ්‍යස්ථාන වැනි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා සහයෝගය ලබා දීම; දකුණු පළාතේ ගාල්ලේ පාසල් 200ක සුහුරු පන්ති කාමර සහ පරිඝනක විද්‍යාගාර ස්ථාපනය කිරීම වැනි පියවර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් කිහිපයක් පමණි.

ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගතවීම සනිටුහන් කරමින් පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියනු රුපියල් මිලියන 750ක බහු ආංශික ප්‍රදාන පැකේජය යටතේ වතුකරයේ පාසල්වල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන විෂයන් සඳහා ත්‍රෛමාසික ගුරු පුහුණු වැඩසටහනක් ද මෑතකදී පැවත්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *