වඳ සැත්කම් නඩුවෙන් ෂාෆි නිදහස්

(කොළඹ | ලංකාපුවත්) – මවු­ව­රුන් හාර­ද­හ­සක පමණ පිරි­ස­කට වඳ සැත්කම් කරන ලදැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය ෂිහා­බ්දීන් මොහො­මඩ් ෂාෆි මහතා නීති­පති උප­දෙස් ප්‍රකා­රව නිද­හස් කිරී­මට කුරු­ණෑ­ගල ප්‍ර‍ධාන මහේ­ස්ත්‍රාත් බන්දුල ගුණ­රත්න මහතා ඊයේ (6) නියෝග කළේය.

සැක­ක­රුට එරෙ­හිව මෙතෙක් විභාග වූ නඩුව තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යෑමට තරම් ප්‍රමා­ණ­වත් සාක්ෂි ඉදි­රි­පත් කිරී­මට පැමි­ණි­ලි­කාර පාර්ශ්වය අපො­හො­සත් වී ඇති බැවින් ඔහු එම චෝද­නා­ව­ලින් නිද­හස් කොට නඩුව නිෂ්ප්‍රභ කරන බව ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙහිදී ප්‍ර‍කාශ කළේය.

ඒ අනුව සැක­කාර වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව පනවා තිබූ විදෙස් ගමන් තහ­නම ඉවත් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ බව ආග­මන විග­මන පාල­ක­ව­රයා වෙත ද දන්වා යැවී­මට අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාට නියම කළේය.

මෙම සිද්ධි­යට අදා­ළව වසර පහ­කට අධික කාල­යක් පැවති මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණයේ නියෝ­ගය මහේ­ස්ත්‍රා­ත්ව­රයා ප්‍රකා­ශ­යට පත් කරනු ලැබූ අව­ස්ථා­වේදී මෙම කරුණු ඉදි­රි­පත් විණි.

මෙම සිද්ධි­යට අදා­ළව සැක­කාර වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ කාන්තා­වන් 768 දෙනකු පැමි­ණිලි ඉදි­රි­පත් කර තිබූ අතර, ඒ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු කරන ලද විම­ර්ශ­න­යේදී වෛද්‍ය­ව­රුන්, හෙද නිල­ධා­රීන්, පවුල් සෞඛ්‍ය සේවා නිල­ධා­රීන්, රෝහලේ සුළු සේවක සේවි­කා­වන් ඇතුළු 138 දෙනකු පමණ පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ ලබා­ගෙන තිබූ බව අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

මෙම නඩුව අධි­ක­ර­ණය හමුවේ කැදැවූ අව­ස්ථා­ව­කදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කරුණු ඉදි­රි­පත් කර­මින් සද­හන් කර තිබුණේ සැක­කාර වෛද්‍ය ෂියා­බ්දීන් ෂාෆි ත්‍ර‍ස්තවාදී සංවි­ධා­න­ය­කට සම්බන්ධ බවක් හෝ අයථා වත්ක­මක් ඉපැයූ බවක් හෝ මවු­ව­රුන්ගේ පැලෝ­පීය නාල මිරිකූ බවක් හෝ සිදු­කළ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී නොමැති බවය.

වෛද්‍ය ෂාෆි මහතා අත්අ­ඩං­ගු­වට ගැනී­මේදී අක්‍ර‍මි­කතා පවා සිදුවී ඇති බවට ද පසු­ගිය 2019 වසරේ ජූනි මස 27 වැනිදා අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කුරු­ණෑ­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

එහිදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේ මෙම වෛද්‍ය­ව­රයා සිංහල මවු­ව­රුන් 3479ක්, මුස්ලිම් මවු­ව­රුන් 860ක් සහ ද්‍ර‍විඩ මවු­ව­රුන් 33ක් සිසේ­රි­යන් සැත්ක­ම්ව­ලට භාජ­නය කර ඇති බවය.

සැක­කාර වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව එල්ල කර තිබූ චෝදනා අනුව පැමි­ණි­ලි­කාර මවු­ව­රුන් සැබෑ­ව­ටම සිසේ­රි­යන් සැත්කම් මඟින් වඳ භාව­යට පත්ව ඇත්දැයි සෙවී­මට කුරු­ණෑ­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නියෝග මත විශේ­ෂඥ වෛද්‍ය­ව­රු­න්ගෙන් සම­න්විත කමිටු කිහි­ප­යක්ම පත් කර තිබිණි. නමුත් එම පරී­ක්ෂක කමි­ටු­ව­ලින් සාර්ථක පරී­ක්ෂණ ක්‍රම­වේ­ද­යක් සිදු නොවූ බවට අග­ති­යට පත් පාර්ශ්ව­යෙන් චෝදනා එල්ල වූහ.

මෙම වෛද්‍ය­ව­ර­යාගේ සැත්ක­ම්ව­ලින් පසු ආසා­ත්මි­කතා ඇති බවූ බව කිය­මින් රහස් පොලි­සි­යට ලැබුණු පැමි­ණිලි 615ක් අත­රින් පැමි­ණිලි 468ක් ගැන අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇති බවත් ඒවා අත­රින් විම­ර්ශන මට්ටමේ ඇති පැමි­ණිලි 147ක් අත­රින් මවු­ව­රුන් 13 දෙනකු විශේ­ෂඥ කමි­ටු­වට යොමු කළ බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දී තිබිණි. එමෙන්ම වෛද්‍ය පරී­ක්ෂ­ණ­යට භාජ­නය කළ යුතු තත්ත්වයේ සිටියේ දෙදෙ­නකු පම­ණක් බවත් ඉතිරි පැමි­ණීලි 11ම අසත්‍ය ඒවා බවත් රහස් පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි.

පැලෝ­පීය නාල ගැට ගසා හෝ තෙර­පීම මඟින් සිසේ­රි­යන් සැත්කම් සිදු කරන අව­ස්ථා­වේදී මවු­ව­රුන් වඳ භාව­යට පත්කර ඇතැයි යන චෝද­නා­වට අනුව එය සනාථ කර ගැනී­මට අවශ්‍ය පැලෝ­පීය නාල පරි­ක්ෂා­වක් මෙර­ටේදී සිදු­කළ නොහැකි බව පත් කරන ලද විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ මතය වූ බව අධි­ක­ර­ණ­යේදී කරුණු ඉදි­රි­පත් විණි. එවැනි පරි­ක්ෂා­වන් සඳහා අවශ්‍ය පහ­සු­කම් මෙරට රෝහල් පද්ධ­තිය තුළ නොමැති බැවින් ඒ සඳහා පැමි­ණි­ලි­කාර මවු­ව­රුන් විශාල පිරි­ස­කට අධික මුද­ලක් වැය කිරීමේ ගැට­ලුව ද ඇතිව තිබූ බව අධි­ක­ර­ණ­යේදී හෙළි­විණි.

වසර පහ­කට අධික කාල­යක් කුරු­ණෑ­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පැවති මෙම නඩුවේ ඉදි­රි­පත් වූ කරු­ණු­වල උධෘත නීති­ප­ති­ව­රයා වෙත යොමු කළ අධි­ක­ර­ණය නීති­ප­ති­ව­ර­යා­ගෙන් උප­දෙස් ලැබෙ­න­තෙක් නඩු­ක­රය අධි­ක­ර­ණයේ විටි­න්විට කැඳ­වීම සිදු කළේය. ඒ අනුව නීති­ප­ති­ව­රයා සිය නිග­ම­නය ඉදි­රි­පත් කර­මින් ඊයේ (06) සඳ­හන් කර තිබුණේ මෙම සැක­ක­රුට එරෙ­හිව මින් ඉදි­රි­යට නීති­මය පිය­වර ගැනී­මට අද­හස් නොක­රන බැවින් ඔහු මෙම නඩු­වෙන් නිද­හස් කරන ලෙසට මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට දැනුම් දීමය. පසු­ගිය 2004 දී සීමා­වා­සික වෛද්‍ය­ව­ර­යකු ලෙස වෛද්‍ය වෘත්ති­යට පිවි­සෙන සෙයිගු ෂියා­බ්දීන් මොහො­මඩ් සාෆි වෛද්‍ය වෘත්ති­යට පිවිස වසර 10කට පමණ පසුව 2015 වස­රේදී පැවැ­ත්වුණු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට එක්සත් ජාතික පක්ෂයේ අපේ­ක්ෂ­ක­යකු ලෙස කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කළේය. එව­කට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රබල ඇමැති ධුර­යක් දැරූ රිෂාඩ් බදූ­ර්දීන්ගේ සමස්ත ලංකා මහ­ජන කොංග්‍රස් පක්ෂය යටතේ ඔහු මැති­ව­ර­ණ­යට තරග කළේය. නමුත් එම මැති­ව­ර­ණ­යෙන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කිරී­මට ඔහුට අව­ස්ථාව හිමි නොවීය.

ඉන් පසුව සිදුවූ පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් රජය පරී­ක්ෂණ මෙහෙ­ය­ව­මින් සිටි­යදී ඒ ඔස්සේ ලැබී තිබූ තොර­තුරු අනුව සැක කට­යුතු ආකා­ර­යට වත්කම් උප­යා­ගෙන ඇතැයි යන චෝද­නාව යටතේ ෂියා­බ්දීන් සාෆි වෛද්‍ය­ව­රයා පසු­ගිය 2019 මැයි මස 24 වැනි දින කුරු­ණෑ­ගල කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය සැක­පිට අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

එම චෝද­නා­වෙන් පසුව වෛද්‍ය සාෆි­ගෙන් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලේදී සිසේ­රි­යන් සැත්කම් කර­ගත් බව කියන කාන්තාවෝ විශාල පිරි­සක් ඔහුගේ සැත්කම් නිසා තමන් වඳ භාව­යට පත්ව ඇතැයි පව­ස­මින් පැමි­ණිලි ඉදි­රි­පත් කර­න්නට වූහ.

ආර­ම්භ­යේදී කාන්තා­වන් පස්දෙ­නකු වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව චෝදනා කර­මින් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට පැමි­ණිලි ඉදි­රි­පත් කර තිබූ අතර ඉන් පසුව කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ විවිධ ප්‍රදේ­ශ­වල පදිංචි කාන්තාවෝ විශාල පිරි­සක් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට පැමිණ ඔහුට විරු­ද්ධව පැමි­ණිලි ඉදි­රි­පත් කළහ. ඒ අනුව කාන්තා­වන් දහ­ස­කට ආසන්න පිරි­සක් වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව පැමි­ණිලි ඉදි­රි­පත් කර තිබුණි. මේ හේතු­වෙන් ඔහුගේ සේවය අත්හි­ටු­වී­මට ද සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පිය­වර ගන්නා ලදි.

වෛද්‍ය සාෆි මහතා සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට එම පරී­ක්ෂ­ණය පිළි­බඳ විස්තර අඩංගු පිටු 210ක වාර්තා­වක් ද අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇත.

වෛද්‍ය­ව­ර­යාට එරෙහි නඩුව විභාග වන අතර කාල­යේදී මාස හය­කට ආසන්න කාල­යක් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය­ව­රයා පසුව ඇප මත මුදා හරින ලදි. ඔහුට එල්ලවී තිබූ චෝදනා සොයා බැලී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය පත් කරන ලද පරී­ක්ෂණ කමි­ටු­ව­කින් ද ඔහු නිදොස් කරනු ලැබීය.

මේ හේතු­වෙන් වෛද්‍ය ෂියා­බ්දීන් සාෆි නැවත සේවයේ පිහි­ටු­වී­මෙන් අන­තු­රුව ඔහු යළි කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලේම රාජ­කාරි ආරම්භ කළේය. සේවය අත්හි­ටුවා තිබූ කාලය වෙනු­වෙන් හිමිවූ ලක්ෂ ගණ­නක හිඟ වැටුප් මුද­ලක් ඔහු රෝහලේ සංව­ර්ධන කට­යුතු වෙනු­වෙන් පරි­ත්‍යාග කිරීම ද විශේෂ කරු­ණක් විය.

වසර 5කට අධික කාල­යක් මෙම නඩුව විභා­ග­යට ගැනුණි. අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් ඉන්ද්‍ර­සිරි සේනා­රත්න, නිලූෂි උය­න්වත්ත, සමන් දිසා­නා­යක නීති­ඥ­වරු නොමිලේ පෙනී සිටි­යහ. විත්ති­කරු වෙනු­වෙන් මෛත්‍රී ගුණ­රත්න, වසන්ත බණ්ඩාර යන ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් ද, ජය­ප්‍රේම බී. තෙන්න­කෝන් නීති­ඥ­ව­රයා ද පෙනී සිටි­යහ. නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මොහාන් සහ සැර­යන් ඒක­නා­යක පෙනී සිටි­යහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *