(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සිය “වරලත් වෘත්තීය කළමණාකරු” වෘත්තීය අධ්‍යාපන වැඩසටහන හදුන්වා දෙන ලදී.
මෙම නව වැඩසටහන නිර්මාණය කර ඇත්තේ කළමනාකරණ වෘත්තිකයන් සඳහා වන අවශ්‍යයතාවයන් පිළිබද සිදුකරනු ලැබූ අධ්යනයයන් පසුබිම් කරගනිමිනි. ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ විද්වතුන් සහ වෘත්තිකයන් එක්කර ගනිමින් 2024 නොවැම්බර් 07 වැනි බ්‍රහස්පතින්දා දින සවස 6.00 ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී මෙම වැඩසටහනේ නිල එළිදැක්වීම පැවැත්විණි.
CPM ශ්‍රී ලංකා හි නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතාගේ පිළිගැනීමේ කතාවෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ දේශක ආචාර්ය රවී ප්‍රනාන්දු මහතා (CEO, Global Strategic Corporate Sustainability and Executive Residence, INSEAD Business School, France) විසින් “වෘත්තීය කළමනාකරණ සුදුසුකමක වැදගත්කම” පිළිබද ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේය. නායකත්ව භූමිකාවට සූදානම් කළමණාකරුවන් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනය සහ පුහුණුව තුළින් කළමනාකරණ කුසලතා සහ පළපුරුද්ද ලබා ගැනීමේ වැදගත්කම ආචාර්ය ප්‍රනාන්දු සිය ඉදිරිපත් කිරීමේදී අවධාරනය කළේය. ආචාර්ය සමන්ත රත්නායක (Chairman, Education, Research and Development Committee and a Member of the Governing Council of CPM Sri Lanka) විසින් ‘වරලත් වෘත්තීය කළමනාකරු’ වෘත්තීය වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.
තරුණ වෘත්තිකයන්, උපාධිධාරීන් සහ උපාධි අපේක්ෂකයින්ගේ දැනුම යාවත්කාලින කිරීම සහ අනාගත අභියෝගයන් ජය ගත හැකි නිපුණතාවයක් සහිත වෘත්තීකයන් බවට පත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කළ මෙම වෘත්තීය වැඩසටහන තුළින් කළමණාකරණයේ උසස් රැකියාවන් සදහා යොමු වීමට අවශ්‍යය කුසලතා හා ප්‍රායෝගික නිපුණතා ලබාදෙනු ඇත.
වසර 15ක් පුරාවට වෘත්තීය කළමණාකරුවන්ගේ දැනුම සහ කුසලතාවය දියුණු කිරීම අරමුණු කරගෙන විවිධ වැඩසටහන් රාශියක් සිදුකරන CPM ශ්‍රී ලංකා හි ජාත්‍යන්තර පිළිගැනීම දකුණු ආසියාවේ කීර්තිමත් කළමනාකරණ සංවර්ධන ආයතන සංගමයේ (AMDISA) සහ ඉන්දියානු අහමදාබාද් ආයතනයේ (IIMA) සහ මැලේසියාවේ කළමනාකරණ ආයතනයේ (MIM) ක්‍රියාකාරී සාමාජිකත්වය හි ජාත්‍යන්තර පිළිගැනීම පිළිබදව දක්වයි.
ඩිල්ෂාන් අර්සකුලරත්න (අධ්‍යක්ෂක), අසංග හේරත් (පාලක මණ්ඩප සාමාජික), රොෂාන් කොලස් (පාලක මණ්ඩප සාමාජික), බෂීර් ඉස්මයිල් (පාලක මණ්ඩප සාමාජික), හෙන්නායක බණ්ඩාර (පාලක මණ්ඩප සාමාජික), ආචාර්ය සමන්ත රත්නායක (පාලක මණ්ඩප සාමාජික), මහේන්ද්‍ර අමරසූරිය (අනුශාසක), ආචාර්ය රවී ප්‍රනාන්දු (ප්‍රධාන ආරාධිත අමුත්තා), මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල (සභාපති), ජයම්පති බණ්ඩාරනායක (පාලක මණ්ඩප උපදේශක), ටී. සෝමේශ්වරන් (පාලක මණ්ඩප උපදේශක), කෝසල දිසානායක (පාලක මණ්ඩප සාමාජික), ආචාර්ය නිර්මාල් ද සිල්වා (පාලක මණ්ඩප සාමාජික), ගයාන් ගුණවර්ධන (පාලක මණ්ඩප සාමාජික), සහ රුවන් සංජීව (පාලක මණ්ඩප සාමාජික)
ආචාර්ය සමන්ත රත්නායක විසින් සම්භාවනීය අමුත්තන් සඳහා ‘වරලත් වෘත්තීය කළමනාකරු’ වැඩසටහන් මාර්ගෝපදේශ පොත පිළිගැන්වීම. (වමේ සිට දකුණට) මහේන්ද්‍ර අමරසූරිය (අනුශාසක), ආචාර්ය රවී ප්‍රනාන්දු (ප්‍රධාන ආරාධිත අමුත්තා), මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල (සභාපති), ටී. සෝමේස්වරන් (පාලක මණ්ඩප උපදේශක), ආචාර්ය සමන්ත රත්නායක (පාලක මණ්ඩප සාමාජික), ජයම්පති බණ්ඩාරනායක (පාලක මණ්ඩප උපදේශක)