මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටි ලාංකිකයින් පිරිසක් බේරාගැනේ

(කොළඹ | ලංකාපුවත්) –  මිනිස් ඡාවාරමට ගොදුරු වී මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිත බව අමාත්‍යංශය පවසයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කර ඇත.

කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු අද(25) දින Mae Sot දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙන විත් ඇති අතර තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔවුන්ව භාර ගෙන තිබේ. ඔවුන් මේ වන විට තායිලන්තයේ තක් පළාතේ සිටින අතර ඔවුන්ගේ සුබසාධන අවශ්‍යතා සපයා දෙමින් පවතින බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *