අපහසුතා ඇති පාසල් සිසුන් වෙනුවෙන් දීමනාවක්

(කොළඹ | ලංකාපුවත්) – අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ අසරණ පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිළදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, අගමැතිනිය ඉදිරිපත්කළ එම කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබාදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *