(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය Fashion Bug අඛණ්ඩව දෙවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2024 (Customer Excellence Survey) “ඇඳුම් පැළඳුම්” සහ “ඔන්ලයින් ඇඟළුම් අලෙවි සේවා” කාණ්ඩයන්ගේ ප්‍රමුඛතම සන්නාමය බවට පත්ව තිබේ. කාලයේ තාලයට වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන අළුත්ම විලාසිතා හඳුන්වාදෙන Fashion Bug ශ්‍රී ලාංකීය ජනතා ආදර ගෞරවයට පාත්රව සිටින බව මෙම ඇගයීමත් සමඟ තවදුරටත් සනාථ විය.
1994 වසරේ දී සේවකයන් 7 දෙදෙනෙකු සමඟ බණ්ඩාරවෙල නගරයේ කුඩා ඉඩකඩකින් Fashion Bug විලාසිතා චාරිකාව ආරම්භ කෙරිණ. අද වන විට 2000 කට අධික කාර්යය මණ්ඩලයක් සමඟ දිවයින පුරා එකිනෙකට වෙනස් ජන සංස්කෘතික පරිසරයන් 14 ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක Fashion Bug ශාඛා ජාලය සෑම තරාතිරමකම බාල මහළු තරුණ, කාන්තා පිරිමි ළමා විලාසිතා අවශ්‍යතා එකම වහලක් යටදී සපුරා ගැනීමට හැකිවන පරිදි විශිෂ්ඨත්වයෙන් පරිපූර්ණව නිර්මාණයකොට ඇත. ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ විලාසිතා නිර්මාණකරුවන්ට ශක්තියක් වෙමින් කීර්තිමත් දේශීය සන්නාම රැසක් ගොඩනංවන්නට සමත් වූ Fashion Bug ලොව ප්‍රකට ජාත්‍යන්තර සන්නාම රැසක්ද ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත සමීපකොට තිබේ.
Fashion Bug අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබීයන් මහතා අදහස් දක්වමින් “පාරිභෝගික සේවාව අපගේ ව්‍යාපාරයේ හදවත ලෙස සලකා කටයුතු කරන සේවා සංස්කෘතියක් අප පවත්වාගෙන යනවා. සැමවිටම පාරිභෝගිකයාට විශිෂ්ට නිෂ්පාදනයක් සමඟ විශිෂ්ට පාරිභෝගික සේවාවක් පිරිනමා Fashion Bug සමඟ රැඳුන හැම මොහොතක්ම සදා නොමැකෙන මතක බවට පත් කරන්නට අපේ පළපුරුදු හෘද්‍යාංගම කාර්ය මණ්ඩලය සූදානමින් සිටිනවා.” යැයි පැවසීය.
දීප ව්‍යාප්ත Fashion Bug ප්රදර්ශනාගාර ජාලයේ හෘද්‍යාංගම පාරිභෝගික සේවාවේ යෙදී සිටින කාර්ය මණ්ඩලයේ පුහුණුව හා සංවර්ධනය වෙනුවෙන් සුප්‍රකට පුහුණුකරුවන් හා පුහුණු ආයතනයන්ගේ සම්පත් දායකත්වය යටතේ පැවැත්වෙන සුවිශේෂී පුහුණු වැඩසටහන් සහ පාඨමාලාවන්ට නිරන්තරයෙන් ලබා දෙනු ලබයි. විශිෂ්ට පාරිභෝගික සේවා සංස්කෘතියක් පවත්වාගෙන යාම උදෙසා කාර්ය මණ්ඩලය දිරිගැන්වීමෙහිලා සුවිශේෂී ඇගයීම් හා ත්‍යාග පිරිනැමීමද Fashion Bug ආයතන කළමනාකාරීත්වයෙන් සිදුකෙරේ. එමෙන්ම Fashion Bug සමඟ විශ්වාසයෙන් රැඳී සිටින පාරිභෝගිකයන් ඇගයීමටත් දිරිගැන්වීමටත් සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද රැසක් ද ක්‍රියාත්මක කොට තිබේ.
අඛණ්ඩව දෙවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය (Customer Excellence Survey) තුළ ප්‍රමුඛතම සන්නාමය බවට පත්වූ Fashion Bug ක්ෂේත්රයේ තරඟකාරී දැවැන්තයන් අභිබවමින් ශ්‍රී ලාංකීය ඇඳුම් පැළඳුම් අලෙවියේ ප්‍රමුඛයා බවට පත්වන්නට සමත්ව ඇත්තේ උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය හා සමගාමීව විශිෂ්ට පාරිභෝගික සේවාවක් නොවෙනස්ව පවත්වාගත් නිසාවෙනි.