MOODY’S ලංකාවේ තත්ත්වය ඉහළ දායි !

(කොළඹ | ලංකාපුවත්) –  ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන MOODY’S විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම ඉහළ දමා තිබේ.

MOODY’S විසින් නිවේදනය කර ඇති ආකාරයට ලංකාවේ මට්ටම එකී දර්ශකයෙහි Ca මට්ටමේ සිට Caa1 දක්වා ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ඉහළ නංවන ලද දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ණය පැතිකඩ හරහා බාහිර අවදානම් හා රජයේ ද්‍රවශීලතා අවදානම අඩුවීම මෙන්ම මූල්‍ය හා ණය තිරසර භාවය පිළිබඳ අපේක්ෂාවන් පිළිබිඹු වන බව එම ආයතනය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය මූලිකාංග වැඩිදියුණු වී ඇති බවද එම වාර්තාවේ සදහන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූල්‍ය වෙළඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ පැවති අර්බුදය නිමා කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ වැඩපිළිවෙළ නිවැරදි බව මේ හරහා තහවුරු වන බවයි. එසේම වත්මන් ජනාධිපති අනුර දිසානායක ද එකී වැඩපිළිවෙළ ඉතාම සුරක්ෂිතව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ප්‍රණාමය පිදිය යුතු බවත් එසේ නොවන්නට ලංකාවට මෙම තත්ත්වය ලැබීමට කිසිදු ඉඩක් නොතිබූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *