(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබේ.
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා කමිඳු මෙන්ඩිස් සමග ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා, එංගලන්ත ක්‍රීඩකයින් වන ජෝ රූට් සහ හැරී බෲක් නිර්දේශ වී ඇත.
කමිදු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් තරග 9 කදි රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1049 කි.
ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 74.92 ක් ලෙස සටහන් වේ.
මෙම වසරේදි ලකුණු දහසේ සීමාව පසුකළ 6 වන පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්විය.
මේ අතර කමිදු මෙන්ඩිස් 2024 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහාද නිර්දේශ වී තිබේ.
වනිදු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ වි තිබෙන්නේ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහාය.