(කොළඹ | ලංකාපුවත්) – සණස ව්‍යාපාරය මඟින් 25 වරටත් සංවිධානය කරනු ලැබූ මහා නෙළුම් මල් හා කිරි ආහාර පූජාව, මෙවරත් අනුරාධපුර පුජාභූමියේ දී අති සාර්ථක අයුරින් පවත්වන ලදි.
සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පුන්‍යකර්මයට, මෙවර කෑගල්ල මහා සංගමය ප්රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය. ඉකුත් 4 වන සෙනසුරාදා අළුයම අනුරාධපුර සමාධි පිළිමය පාමුල අධ්‍යාත්මික වැඩසටහනින් ආරම්භ වූ මෙය, එදින දහවල් අභයගිරි දානමය පිංකමත් සවස ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ පරිශ්‍රයේ නෙළුම් මල් පූජාවත් 5 වන ඉරුදින අළුයම රුවන්වැලි මහා සෑ රඳුන් පරිශ්‍රයේ කිරි ආහාර පූජාවත් පවත්වා අවසන් කරන ලදි. සාම්ප්‍රදායික වත්පිළිවෙත් වලට මුල්තැන දෙමින් පවත්වනු ලබන මෙම පුන්‍ය කර්මය සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාධි පිළිමය පාමුල අධ්‍යාත්මික වැඩසටහනක් සංවිධානය කර තිබීම විශේෂත්වයක් වන අතර එය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අනුශාසනත්වයෙන් පැවැත්විණි.
සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත් වූ මෙම පුණ්‍යකර්මය සඳහා දිවයින පුරා පිහිටි සණස සමිතිවල බැතිමතුන් දහස් ගනණක් සහභාගී වී සිටියේය. ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජාවන්ට අනුව ඉතාමත් පවිත්‍රව සිදුකරනු ලැබූ මෙම පුජෝත්සවය සඳහා රන්සිළුගෙය සමඟ විවිධ නර්තන අංගයන්ගෙන් සපිරි පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව අමතමින් සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය මැතිතුමන් ප්‍රකාශ කර සිටියේ “මෙම මහත් වූ පූජොත්සවය 2000 වර්ෂයේ ජනවාරි මස කෑගල්ලේ දිස්ත්‍රික්කයේ සණස සමිති 50-60ක් පමණ එකතුවෙන් ආරම්භ කළ බවත්, මේ වනවිට වසර 25ක් අඛණ්ඩව සණස සමිති මූලිකත්වයෙන් සණස ව්‍යාපාරයේ ආයතනයන්ගේ දායකත්වයෙන් ජාතික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන බවත්, මෙවර 25 වන නෙළුම්මල් පූජාවේ තේමාව “සක්කච්ච ච©ා” වන බවත්, එහි තේරුම යහපත් හැසිරීම් වලින් පරිපූර්ණ වූ කටයුතු කරන නායකයෝ පාලකයෝ සමාජිකයෝ හා මිනිසුන් ගොඩනැංවීම බවත්, බුදුදහම ලොවට අවශ්‍ය දහමක් වන අතර එය මතුරන්නේ නැතිව භාවිතා කළ යුතු බවත්, මිනිසුන්ගේ සංවර්ධනය වෙනුවෙන් දහම ප්‍රායෝගිකව පාවිච්චි කළ හැකි බවත්, ඒ සඳහා නිරන්තරයෙන් සණස ව්‍යාපාරය මඟින් වටපිටාව සකසන බවත්” ය.
රටේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් ඇප කැප වන සණස ව්‍යාපාරය, රටට මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවට සෙත්පතා මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් වර්ෂිකව ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා සණස ව්‍යාපාරයට අයත් ආයතන ජාලයේ දායකත්වයද නොඅඩුව ලැබේ. ඒ අනුව මෙම පුණ්‍යෝත්සවය සඳහා දායක වූ සියලු දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් විශේෂ ස්තූතිය පුදකර සිටියි.