(කොළඹ | ලංකාපුවත්) – සෑමදෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ සියලු දෙනාගේ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.
සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම බවයි.
සැබෑ නිදහස තහවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇති බවත් එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වන බවත් ඇය කියයි.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැඟීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බවත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරධුර කාර්යය කළ යුතුව ඇති බවත් ඇය සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.
එසේම මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලුදෙනා එකට අත්වැල් බැඳගනිමු යැයි ඉල්ලා සිටින බවද අගමැතිනිය සිය නිදහස දින පණිවිඩයේ සඳහන් කරයි.