ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් බස් රථයකට බෝම්බ ප‍්‍රහාර 03 ක්

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ බොරූසියා ඩොට්මන් පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන එරට හොස්ටන් නගරයේදී බෝම්බ ප්‍රහාර 03ක් එල්ල වී තිබේ. යුඒෆා චැම්පියන්ස් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බොරූසියා ඩොට්මන් කණ්ඩායම හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යමින් සිටින අතරතුර මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්වේ.

"ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් බස් රථයකට බෝම්බ ප‍්‍රහාර 03 ක්"

අවුරුද්දට මාළු දෙන්න සංස්ථාවෙන් අලෙවි සැල් 20ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මහජනතාවට අලුත් මාළු මිල දී ගැනීම සඳහා, ලංකා ධීවර සංස්ථාව විසින් නව අලෙවි සැල් 20ක් අලුතෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

"අවුරුද්දට මාළු දෙන්න සංස්ථාවෙන් අලෙවි සැල් 20ක්"

ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – හදිසි අනතුරකට ලක්ව රෝගාතුර වී සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුදල් ප්‍රදානයක් සිදු කරන ලදි.

"ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්"

මලාලා ජගත් සංවිධානයේ සාම නියෝජිතවරියක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන ජාතික නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසෆායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම නියෝජිතවරියක් ලෙස පත් කර ඇත. 19 හැවිරිදි මලාලා මේ වන විට එක්සත් රජධානියේ උසස් පෙළ හදාරමින් සිටියි.

"මලාලා ජගත් සංවිධානයේ සාම නියෝජිතවරියක් වෙයි"

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර. . . .

පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 02.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා දින පූර්වභාග 02.04 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා අපරභාග 07.40 සිට අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 08.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා…

"සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර. . . ."

අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

(කොළඹ, ලංකාපුවත්) –සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය. අභ්‍යන්තර වෙළෙද කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වරණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

"අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ"

සංවර්ධන ව්‍යාපෘති දෙකකට සෞදි අරාබියෙන් කෝටි 3,945ක්

(කොළඹ, ලංකාපුවත්) –  සංවර්ධන ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 263 ක (රුපියල් කෝටි 3,945) මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට සෞදි අරාබියානු රජය එකඟතාව පළ කර ඇත. ඒ සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම සෞදි අරාබියාවේ රියාද් හි දී සිදුකෙරුණු අතර සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ උපදේශක අබ්දුල්ලා අල් ෂෙඩෝකි සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහත්වරුන් ඒ සඳහා අත්සන් කළ බව සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

"සංවර්ධන ව්‍යාපෘති දෙකකට සෞදි අරාබියෙන් කෝටි 3,945ක්"

ඉදිරි දිනවල සවස ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –  ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"ඉදිරි දිනවල සවස ගිගුරුම් සහිත වැසි"

අලූත් අවුරුද්දට මහජන බැංකුවෙන් තිළිණ

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලූත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක්කරමින් 1973 වසරේදී බැංකුව සමග ගනුදෙනුකිරීමේ සම්ප්‍රදාය හඳුන්වාදුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලූත්  අවුරුදු ගනුදෙනු සඳහා දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ සියලූම ශාඛා අප්‍රේල් මස 17 සදුදා පෙරවරු 8.30 සිට විවෘත කිරිමට පියවර ගෙන තිබේ. 

"අලූත් අවුරුද්දට මහජන බැංකුවෙන් තිළිණ"

අමෙරිකා ප්‍රහාරවලින් සිරියා ගුවන් යානා 20%ක් විනාශයි

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එල්ල කළ මිසයිල ප්‍රහාර වලින් සිරියානු හමුදාවට අයත් ගුවන්යානා වලින් සියයට 20ක් විනාශ කිරීමට හැකි වූ බව අමෙරිකාව සහන් කරයි. අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසන්නේ සිරියාව රසායනික අවි භාවිතා කිරීමේදී යළි අපරික්ෂාකාරීව කටයුතු කළ හැකි බැවින් එලෙස ප්‍රහාර එල්ල කළ බවයි.

"අමෙරිකා ප්‍රහාරවලින් සිරියා ගුවන් යානා 20%ක් විනාශයි"