ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නෞකාවක් ගිනි ගනියි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදී පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබේ. ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කෙරුණු අතර කඩිනමින් ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව ගින්න මැඩ පැවැත්වීම සඳහා වේග ප‍්‍රහාරයක යාත‍්‍රා දෙකක් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇත.

"ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නෞකාවක් ගිනි ගනියි"

ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලු 06ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ(05) සමත් විය. ප‍්‍රථමයට පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06ක් දැවී ලකුණු 155ක් රැස් කරනුලැබීය. මොසඩැක් හුසේන් නොදැවී ලකුණු 34 යි.

"ශ්‍රී ලංකාවට කඩුලු 06ක විශිෂ්ට ජයක්"

මෙරට ව්‍යාපාර ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තරය සමඟ තරඟ කිරීමට මෙරට ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) දින පැවැති තිරසර ලංකා ජාතික මංගල්‍යයප්‍රදර්ශනය නැරඹිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

"මෙරට ව්‍යාපාර ශක්තිමත් කරමින් අපනයනය ඉහළ දැමිය යුතුයි – අගමැති"

මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර නගරයේ ඇති මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක් ඉදි කෙරෙන බවත් ඊට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 23(02) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහනුවර පූජා නගරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

"මහනුවර නගරයට උමං මාර්ග පද්ධතියක්"

ජනපති රුසියාවට සොව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ඊයේ (03)සිදුවූ ප්‍රහාරය දකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙලා දැක තිබේ. ජනාධිපතිතුමා පීඩාවට පත් වූ පවුල් වෙත සිය ශෝකය පළ කළේය.

"ජනපති රුසියාවට සොව පළ කරයි"

කලාකරුවන්ගේ ජීවිතයේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – සුවහසක් රසික හදවත් රසාස්වාදයෙන් පිනවූ මෙරට කලාකරුවන්ගේ ජීවිතවල සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබා රජයේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් ලක්ෂ 250 ක මුදලක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.

"කලාකරුවන්ගේ ජීවිතයේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ නොතබන බව ජනපති කියයි"

පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් 1977ට කියන්න

(කොළඹ, ලංකාපුවත්) – යම් ව්‍යාපාරික ස්ථානයක හෝ යම් සේවා සපයන ස්ථානයක පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1977ට දැනුම් දෙන ලෙස  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා ජනතාවට දැනුම් දෙයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ දැනටමත් දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙන බවයි.

"පාරිභෝගික නීති උල්ලංඝනය කරන්නේ නම් 1977ට කියන්න"

පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයට බිය නොවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ විවිධ ප‍්‍රදේශවල පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි. යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් බොහෝ වෛරස් රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.

"පැතිරී යන වෛරස්  රෝග තත්ත්වයට බිය නොවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්"

පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් 30% කට වෛරස් උණ

(කොළඹ, ලංකාපුවත්) – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සියයට 30 කට වැඩි පිරිසක් ඉන්ෆුලුවන්සා H 1-N 1 වෛරසයට ගොදුරු වී ඇති බවට මතු වූ සැකයක් මත එම විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ සිසුන් 4000ක් පමණ පිරිසක් අදාළ වෛරසයට ගොදුරුව තිබෙන බවට අනුමාන කෙරෙන අතර සිසුන් රැසක් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

"පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් 30% කට වෛරස් උණ"

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටලූවට විසඳුම් සෙවීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල තෙවන වටය ලබන 07 වනදා කොළඹ දී පැවැත්වීමට නියමිතය. ඒ සදහා ඉන්දීය රජයේ පාර්ශවය නියෝජනය කරමින් එරට ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත.

"ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූව ගැන තවත් සාකච්ඡාවක් කොළඹදී"