සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ඉන්දියානු බෝට්ටුවක් පැහැර ගනී

(කොළඹ, ලංකාපුවත්) – සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් ඉන්දියානු බෝට්ටුවක් පැහැර ගෙන තිබේ. එම බෝට්ටුවේ සිටි කාර්යමණ්ඩල සමාජිකයන් සංඛ්‍යාව 11කි.  යේමනයේ සොකොට්‍රා දූපත සහ සෝමාලියානු වෙරළ තීරය අතරින් ගමන් කරද්දී බෝට්ටුව පැහැර ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ. 

"සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ඉන්දියානු බෝට්ටුවක් පැහැර ගනී"

හිටපු ජනපතිගේ පෝය දෙකේ කතාවට අගමැතිගෙන් ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) – පෝය දෙකකට පසු ආණ්ඩුව ගන්නා බව කියන මහින්ද රාජපක්ෂ මහතාට පෝය දෙකකට පසු සිදු වෙන්නේ ඇඬීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ කිරිබත්ගොඩ දී ඊයේ (03) පැවති අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සංවිධාන කළ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමිනි.

"හිටපු ජනපතිගේ පෝය දෙකේ කතාවට අගමැතිගෙන් ප්‍රතිචාර"

හිරු මුදුන්වීම නිසා උණූසුම වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම හේවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අනිද්දා(06) සිට ඇරඹෙන බවයි. ඒ අනිද්දා දහවල් 12.13ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන ඇත.

"හිරු මුදුන්වීම නිසා උණූසුම වැඩිවෙයි"

දින 15කට වයිකෝ රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයෙකු වූ වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෙන්නායි පොලීසිය මගින් ඊයේ(03) අත්අඩංගුවට ගෙන ඇත. 2009 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් ඔහු, මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු දින 15ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ.

"දින 15කට වයිකෝ රිමාන්ඩ්"

අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයේ වෙළෙඳ පොළ ගැටළු අවම කරමින් පාරිභෝගිකයා කූඨ වෙළෙඳුන්ගෙන් හා වංචනික සේවා සපයන්නන්ගෙන් ආරක්ෂා කරගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයදීන් මහතා පවසයි. මේ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලුම නිලධාරීන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.ඒ අනුව තොග කඩයේ සිට ජංගම වෙළෙඳුන් හා සේල් ස්ථාන පවා පරීක්ෂාවට ලක්කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට දීප ව්‍යාප්තව විශේෂ වැඩපිළිවෙලක්"

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට  සාම විනිසුරු පදවි

(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 100 දෙනෙකුට  සාම විනිසුරු පදවි පිරිනැමීමට  අධිකරණ අමාත්‍යංශය සූදානම් වෙයි. ආරක්ෂක හමුදාවල ජාතික සේවයක් ඉටු කළ විශ්‍රාමික හමුදා නිලධාරින්ගේ සේවය අගයමින් තවදුරටත් ප්‍රජා සේවා කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මේ කටයුත්ත සිදු කරයි.

"විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට  සාම විනිසුරු පදවි"

පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  

(කොළඹ, ලංකාපුවත්) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 05 වන දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

"පළමු පාසල් වාරය ලබන 05වනදා අවසන්වෙයි  "

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක‍්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02)කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ. සියලුදෙනා සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

"ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජනපතිගෙන් උපරිම සහාය"

දවුල්දෙන මහානාහිමි ආදහනපූජෝත්සවය අප්‍රේල් 06වනදා නිදහස් චතුස්‍රයේදී

(කොළඹ, ලංකාපුවත්) – අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ උත්තරීතර නායක අග්‍ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණේස්සර මාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අප්‍රේල් 06 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චිතුරස්‍රයේදී සිදු කිරීමට ආදාහන කමිටුව තීරණය කොට ඇත.

"දවුල්දෙන මහානාහිමි ආදහනපූජෝත්සවය අප්‍රේල් 06වනදා නිදහස් චතුස්‍රයේදී"

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයා වන රවී ජයවර්ධන මහතා අද(03) දහවල් අභාවප්‍රාප්ත විය.

"හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි"