මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වාහන අව භාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තවදුරටත් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  අදාළ නියෝග ලබාදී ඇත.  විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

"මන්ත්‍රී විමල් ලබන 07වනදා තෙක් රිමාන්ඩ්"

පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික තලයෙන් ජාත්‍යන්තරයට යන තේමාව යටතේ 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නිල වශයෙන් ඊයේ (02) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ කළේය.

"පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ඇරඹේ"

කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 06වනදා සිට නැවත පූර්ණ වශයෙන් විවෘත කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරයි. ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු පසුගිය ජනවාරි 60 වනදා  සිට අප්‍රේල් 05 වනදා දක්වා දිනකට පැය අටක කාලයක් තාවකාලිකව නවතා තිබිණි.

"කටුනායක ගුවන් මෙහෙයුම් 06වනදා සිට සුපුරුදු ලෙසින්"

ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200ක් රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200කට අසන්න පිරිසක් අහාර විෂවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ. කේරල ප්‍රාන්තයේ පොලිස් පුහුණු කඳවුරක නිලධාරීන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ පා ඇත.

"ඉන්දියාවේ පොලිස් නිලධාරීන් 200ක් රෝහලේ"

කොලොම්බියා නාය අනතුරින් 300ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොලොම්බියාවේ පසුගියදා සිදුවු නාය අනතුරෙන් 300 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තවත් 200ක පමණ පිරිසක් අතුරුදන්ව තිබේ. මියගිය අයගෙන් 50කට ආසන්න පිරිසක් ළමයින් බව කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් ප්‍රකාශ කළේය.

"කොලොම්බියා නාය අනතුරින් 300ක් මරුට"

ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් සඳහා රජයෙන් සහන

(කොළඹ, ලංකාපුවත්) – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනට අනුව 2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 ට අඩු සහ සේව

"ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් සඳහා රජයෙන් සහන"

ශ‍්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය හෙට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර ඇත. එහි නායකයා ලෙස නම් කර ඇත්තේ උපුල් තරංගය. ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ ශෙහාන් ජයසූරිය ද විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබේ.

"ශ‍්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය හෙට"

දඹුල්ලේ සිතුවම් සංරක්ෂණයට විශේෂඥයෙන් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – දඹුල්ලේ බිතු සිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ සඳහා විශේෂඥ සහය ලබා දීම පිණිස ඉතාලියේ International Centre for the Study of the Preservation and Restoration of Cultural Property (ICCROM)  ආයතනයේ බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම්  විනාශ මුඛයට යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ අවධානය යොමු කරමින් එම චිත්‍ර සංරක්ෂණය සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස…

"දඹුල්ලේ සිතුවම් සංරක්ෂණයට විශේෂඥයෙන් දිවයිනට"

ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.

"ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි"

’සභාපති ධූරය බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවෙයි’- ජනපති

(කොළඹ, ලංකාපුවත්) – දූෂණ, වංචා සහ සොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් සහ මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතකරමින් සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගතයුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට කිසි සේත් පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන බවත් සමස්ත ජනතාව සෞභාග්‍යවත් අනාගතයක් කරා රැගෙන යෑමට අඩිතාලම දැමීමට බවත් අයුතු…

"’සභාපති ධූරය බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවෙයි’- ජනපති"