බැග්ඩෑඩයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර මුරපලක් අසල සිදු වු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස්  60කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා ඇත. මුරපල අසල රථවාහන පරික්ෂා කරමින් සිටියදි ඒ අතර තිබු ට්‍රක් රථයක මෙම බෝම්බය පිපිරි ගොස් ඇත

"බැග්ඩෑඩයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට"

දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2016 ඡන්ද හිමි නාමලේඛනයට අනූව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනසක් සිදුව ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනූව බදුල්ල දිස්ත්‍රික්කයේ 9ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 දක්වා අඩුවන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පැවති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6 සිට 7 දක්වා වැඩිවී ඇත.

"දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්"

නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය ද.අප්‍රිකාවට ජය හිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (29) සමත් විය. ඒ තෙවන ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව  අවසන් වීමත් සමගයි.

"නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය ද.අප්‍රිකාවට ජය හිමිවෙයි"

යුරෝපයෙන් අස්විමේ ලිපියට අගමැති තෙරේසා මේ අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමේ නිල ක්‍රියාදාමය ආරම්භ කරමින් ලිස්බන් ගිවිසුමේ 50 වැනි වගන්තිය සම්බන්ධ නිල ලේඛනයට එරට අගමැතිනි තෙරේසා මේ, අත්සන් තබා ඇත. අගමැතිවරිය එම ලිපියට අත්සන් තැබිමෙන් පසු යුරෝපා සංගමය වෙත යොමු කළබව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. 

"යුරෝපයෙන් අස්විමේ ලිපියට අගමැති තෙරේසා මේ අත්සන් තබයි"

බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශනයන් අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

"බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි"

රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති"

කොටුව බෝම්බ ප්‍රහාරයට ආධාර දුන් පුද්ගලයාට වසර 20ක සිර දඩුවම්

  (කොළඹ, ලංකාපුවත්) – 2008 වසරේ දී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලයාට බරපතල වැඩ සහිතව වසර 20 ක සිර දඩුවම් අද (29) නියම විය. කොළඹ මහාධිකරණය විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයටත් පත් කරනු ලැබීය.

"කොටුව බෝම්බ ප්‍රහාරයට ආධාර දුන් පුද්ගලයාට වසර 20ක සිර දඩුවම්"

‘ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නෑ‘ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නොමැති බවත් ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. අග්‍රමාත්‍යවරයා පවසන්නේ ජනවර්ග අතර සංහිඳියාව ඇති කිරීම උදෙසා බලය බෙදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවය. මරදාන, සුදුවැල්ල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය අද (29) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

"‘ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නෑ‘ – අගමැති"

රජිනි කාන්ත්ගෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දිය සුපිරි නළු රජිනි කාන්ත් සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇත. යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වනදා මෙරට සංචාරයක නිරත වීමට රජිනි කාන්ත්  තීරණය කර තිබුණි.

"රජිනි කාන්ත්ගෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ලිපියක්"

මන්ත්‍රී විමල් විරවංශව කොළඹ ජාතික රෝහලට මාරු කරයි

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත. මන්ත්‍රීවරයා ආරම්භ කර තිබූ උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ජාතික රෝහලට යොමු කර තිබේ.

"මන්ත්‍රී විමල් විරවංශව කොළඹ ජාතික රෝහලට මාරු කරයි"