නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා පැවැත්වෙන බව, නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සදහන් කරයි. එහි සභාපති, ශාන්ත බණ්ඩාර මහතා කොළඹ අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

"නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා"

’වෛද්‍ය සිසුන් නර්ථනය හැදෑරීම ඉතා යහපත්’ – අමාත්‍ය එස්.බී.දිසානායක

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍යවරුන් වීමට ඉගෙන ගන්නා සිසුන් නර්ථන ශිල්පය හැදෑරීම ඉතා යහපත් බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. එසේ නර්ථන ශිල්පය ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන් සෞන්දර්යට ප්‍රිය කරන, මිනිසුන්ට ආදරය කරන, තමන් ගැන පමනක් නොසිතන වෛද්‍යවරුන් බවට පත්වේ  යැයි අමාත්‍යවරයා පැවසීය.

"’වෛද්‍ය සිසුන් නර්ථනය හැදෑරීම ඉතා යහපත්’ – අමාත්‍ය එස්.බී.දිසානායක"

පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් නිශ්කාෂණ වාර්තාව(police Clearance report) අන්තර්ජාලය ඔස්සේ(Online) ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසේ. විශේෂයන්ම ඇතැම් රටවල් සදහා  විදේශගත වීමට බලාපොරොත්තු වන  සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4-5ත් අතර  කාලයකදී ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පැවසීය.

"පොලිස් නිශ්කාෂණ වාර්තාවත් ඔන් ලයින් වෙයි"

ඩෙබී සුළි කුණාටුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ  ක්වීන්ස්ලන්ත මුහුදු ප්‍රදේශයේ  අද(28) අළුයම ඇතිවූ ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන් වී සිටිනබවවිදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ වන විට ප‍්‍රදේශයේ විදුලිය සැපයුමද බිඳ  වැටි ඇති බව වාර්තා වේ.

"ඩෙබී සුළි කුණාටුවෙන් පවුල් දස දහසකට වැඩි පිරිසක් අවතැන්"

බදු බර අඩුකර එහි වාසිය ජනතාවට දෙන බව මුදල් ඇමති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩනැගෙන අන්තර්ජාතික ප්‍රතිරූපයේ වාසිය රටේ ජනතාවට ලැබෙන බවත් බදු බර හැකි ඉක්මනින් අඩු කර එහි වාසිය ජනතාවට ලබා දෙන බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි. ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිරූපයක් මැවීමට සමත්ව ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ට එය අවබෝධ නොවුණ ජාත්‍යන්තර වශයෙන් එම පිළිගැනීම දැනටමත් ලැබී ඇති…

"බදු බර අඩුකර එහි වාසිය ජනතාවට දෙන බව මුදල් ඇමති පවසයි"

‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘  – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසල් දරුවන් හමුවේ ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ඊයේ (27) පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.

"‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘  – ජනපති"

ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය සැලසුම් කර ඇති බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය. ඒඅනුව මේ වන විටත් ඒ සඳහා විශේෂ නිලධාරීන් යොදවා ඇත. මෙහිදී ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ  විද්‍යුත් උපරකණ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන අතර භාණ්ඩවල ප්‍රමිතිය, කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.  

"ඉදිරි උත්සව සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක්"

සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට

(කොළඹ, ලංකාපුවත්) – 2016 පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන හිමිකර ගෙන ඇත. මෙවර අ.පො.ස (සා/පෙ) විභාග ප්‍රතිඵල අතර තෙවන ස්ථාන දෙකක් ලැබී ඇති අතර ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ. ගම්පහ රත්නාවලි…

"සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට"