2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

(කොළඹ | ලංකාපුවත්) –  ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය.

"2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්"

නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු කරයි

(කොළඹ | ලංකාපුවත්) – මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක මායිම්ව සියඹලාන්ඩුව පොතුවිල් මාර්ගයේ කි.මී 19කින් පසුව හමුවන ලාහුගල නම් ඝර්ම කලාපීය ප්‍රදේශයේ පිහිටා ඇති මෙතෙක් ධාතු කරඬු වැඩිම ප්‍රමානයක් තැන්පත්ව තිබූ බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ පුරාවෘතයක් ලෙස හැදින්විය හැකි ‌‌‌‌ඓතිහාසික නීල ගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම ආරක්ෂක ‌ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න හා ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් අද (15 ) සිදුවිය.

"නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු කරයි"

“උරුමය” වැඩසටහන යටතේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනතට අනුවයි

(කොළඹ | ලංකාපුවත්) – උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය  ලබාදීමට හැකිව තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"“උරුමය” වැඩසටහන යටතේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනතට අනුවයි"

ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනපති සහභාගිත්වයෙන්

(කොළඹ | ලංකාපුවත්) –  සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (14) පෙරවරුවේ සිදුවිය.

"ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනපති සහභාගිත්වයෙන්"

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ සංචාරයක

(කොළඹ | ලංකාපුවත්) –  එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

"යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ සංචාරයක"

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ පත් කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

"නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ පත් කෙරේ"

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි .

"කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කෙරේ"

අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ

(කොළඹ | ලංකාපුවත්) – මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ"

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය ගැන රජයෙන් තීරණයක්

(කොළඹ | ලංකාපුවත්) – වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

"රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය ගැන රජයෙන් තීරණයක්"

ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(08) තීන්දු කළේය.

"ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ"