(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) මහතා අතර හමුවක් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
"ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති ජනපති හමුවෙයි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට යන විට මෙම විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ කථා නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාර අසත්‍යයි"(කොළඹ | ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කෘතහස්ත ද්‍රවිඩ ජාතික සන්ධාන (TNA) නායක ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය වෙනුවෙන් සංවේගය පළ කළේය.
"ආර්.සම්බන්ධන් මහතාගේ අභාවය ගැන ඉන්දීය අගමැති ශෝකය පල කරයි"(කොළඹ | ලංකාපුවත්) – ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව සමඟ අද (26) බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට එළැඹිණි.
"චීන – ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් කෙරේ"(කොළඹ | ලංකාපුවත්) – අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී මම වෙහෙසෙන්නේ රට වෙනුවෙන්"(කොළඹ | ලංකාපුවත්) – උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, එම තොරතුරු තමා වෙත ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.
"උරුමය වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන නිලධාරීන්ගේ තොරතුරු ජනපති ඉල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා"(කොළඹ | ලංකාපුවත්) – “අසල්වාසීන් ඉන්දියාවට වැදගත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ඉමහත් හොඳ හිතක් තිබෙනවා.” ඉන්දීය විදේශ ඇමැති, ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ පවසා තිබේ.
"ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට ඉමහත් පැහැදීමක් තිබෙනවා"(කොළඹ | ලංකාපුවත්) – පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.
"පොසොන් පොහොය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනයයි"(කොළඹ | ලංකාපුවත්) – කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සම්මත කෙරිණි.
"කතුන් සවිබල ගැන්වීමේ කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි"